කණ්ඩායමට ධනුෂ්කත් නැතිවෙලා. කුසලානය හෙට ආරම්භ වෙයි

හෙට (15) ආරම්භවීමට නියමිත ආසියානු කුසලානය (Asia Cup) සඳහා ලංකාව නියෝජනය කරන කණ්ඩායමට තවත් පිතිකරුවෙක් අහිමිවී තිබෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලක ඩුබායි හි පැවති පුහුණුව අතරතුර තුවාල ලැබීම හේතුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියනු කුසලානය සඳහා 12 වෙනිදා පිටත්ව ගියේ කායික ආබාධයකට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් නොමැතිව.

ධනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට ඇතුලත් කර තිබෙන්නේ තුන් ඉරියව්වෙන් ක්‍රීඩා කරන ෂෙහාන් ජයසූරිය. ධනුෂ්ක ගුණතිලක මෙවර සංචිතයට නම් කෙරුනේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් තරඟ තහනමකට ලක්වීමෙන් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *