හිටපු නාවික හමුදාපති වහාම අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ලුතිනන් කමාන්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නෙවි සම්පත්’ ට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ හිටපු නාවික හමුදාපති වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවී විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය විසින් අද (29) අධිකරණයට දැනුම් දී තිබෙනවා.

2009 සිට 2010 වසරවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම සහ ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කර තිබුනේ සැකකාර චන්දන ප්‍රසාද්ට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සහ ඔහුට පහසුකම් ලබා දීම යන කාරණා මත හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු වන බවයි.

එසේම ඔහු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති අතර සැකකාර චන්දන ප්‍රසාද් ලබන මස 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.