රටම ඩොලර් අර්බුදයක, ලංකා සතොස ඩොලර් වියදම් කරමින් බුකියේ Ad දමයි

අපි හැමෝටම පටි තදකරගන්න වෙලා තියෙන්නේ මුළු රටම මුහුණ දීලා තිබෙන ඩොලර් අර්බුදය නිසා. රජයෙන් වාහන ගෙන්වන්න එපා කියනවා. සුවඳ විලවුන් වගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඩොලර් වලින් මිලදී ගැනීම නවත්වලා. තෙල් මිල මාසෙක සැරයක් ඉහල යනවා. බස් ගාස්තු, දුම්රිය ගාස්තු සහ ත්‍රිවිල් ගාස්තු වැඩිවෙන්න ඔන්න මෙන්න. දෙහි ගෙඩියේ සිට කිරිපිටි වෙනකම් හැමදේම දන්නෙම නැතිව වැඩිවෙනවා.

රජයේ ආයතන යැපෙන්නේ මහජන මුදල් වලින්. ඒ වගේම වැඩිම හොරකම් වෙන්නේ ඔය කියන තැන් වලම තමයි. ඇමතිවරයාගේ සිට නිලධාරියා දක්වා සියලුම දෙනා සත්තුන්ට කන්න දාන හාල් කිලෝවෙන් පවා කොමිස් ගහන්නේ තමන්ගේ පාලන කාලය ඉවර වෙන්න කලින් වියදම් කරපු සල්ලි ටික හොයා ගන්න. ඔය කියන ලංකා සතොසේ කුණු තවම අපි කතාකරන්න පටන් ගත්තේ නැහැ.

ඉස් ඉස්සෙල්ලාම ලංකා සතොස කරන කුප්පහි වැඩක් හෙළිදරව් කරන්න තමයි අපි ලැහැස්ති වෙන්නේ. දවසට ඩොලර් ගණන් වියදම් කරමින් Lanka Sathosa Limited ෆේස්බුක් පිටුවට Like එකතු කරන්න දාපු Sponsor Ad එකක් තමයි මේ තියෙන්නේ.

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නයත් එක්ක මෙතන කරන අනවශ්‍ය වියදම් දෙකක් තියෙනවා. මේ Ad එක බූස්ට් කරන්න ඩොලර් වලින් Facebook ආයතනයට ගෙවනවා. දවසට $1ට වැඩි Budget එකක් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. දෙවනියට කරන්නේ යල් පැනපු ෆෝන් එකක් දිනන්න කියන promotion එක. සතියට සැරයක් iPhone 6S එකක් දෙන්න සතොස Rs.59,500 පමණ වියදම් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ මාසෙට Rs.238,000 පමණ වියදම් කරනවා.

මේ සල්ලි මහජන මුදල් නෙවෙයි ද? මේවා කරන Agency එකට ගෙවන්නේ කාගේ මුදල් ද?කවුද මේවාට වග කියන්නේ? කොහොමත් ඇමතිවරයා ගස් කපනවා. රට ගැන හැඟීමක් නැහැ. නමුත් මහජන මුදල් වලින් පඩි ගන්න නිලධාරීන් මොකද කරන්නේ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.