අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ඇළකින් මතු වෙයි

මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ වතුර ඇළක තිබී කාන්තා මළ සිරුරක් අද (08) උදෑසන 11.30 ට පමණ මස්කෙළිය පොලීසිය මඟින් සොයාගෙන තිබේ.

මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ෆෝග්මෝර් ඇලේ තිබී සොයාගෙන ඇති මෙම කාන්තා මළ සිරුර ෆෝග්මෝර් කොටසේ පදිංචිව සිටි, පණස් අට හැවිරිදි කාලිමුත්තු ලෙච්චුමන් නැමති අවිවාහක කාන්තාවගේ බවට ඇගේ ඥාතීන් විසින් හඳුනාගත් බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙම කාන්තාව වසර කීපයක් තිස්සේ මානසික ආබාධ තත්වයකට ප්‍රතිකාර ගනිමින් සිට ඇති බවත්, අද උදෑසන ස්නානය සඳහා යන බව පවසමින් නිවසින් පිටව ගිය බව ඇය පදිංචිව සිටි නිවසේ ඥාතීන් විසින් පොලීසියට පවසා ඇත.

මළ සිරුර සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (08) පස්වරුවේ හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි.

මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *