නීතියක් නැති, පිරමීඩ ක්‍රමයට බඩු විකුණන, ලංකාවේ අලුත්ම ජාවාරම ගැන සිංහලෙන්

එක එක රටවල නම් කියාගෙන ජීවිතේට දැකපු නැති වෙබ්සයිට් එකක එහෙමත් නැත්නම් YouTube එකේ වීඩියෝවක ඉන්න පුද්ගලයෙක් අයිතිකාරයා කියලා එක එක බඩු ඇඟේ ගහන එන යළුවො ඔයාලටත් ඇති. අවාසනාවකට මේ පිරමීඩ ක්‍රමය වලක්වන්න ලංකාවේ නීතිමය රාමුවක් නැහැ. ඊට මූලික හේතුව වන්නේ ඔබ යම්කිසි භාණ්ඩයක් යම්කිසි මුදල් ප්‍රමාණයක් ගෙවා ලබා ගැනීම.

රට වටේට ණය වෙලා අවශ්‍යතාවයක් ඇතිකරගෙන ගන්න මේ භාණ්ඩය පිටුපස විශාල බලාපොරොත්තු ගොන්නක් පෙළගැසී තිබෙනවා. එම බලපොරොත්තු ඉටු නොවන මොහොතේ තම ජිවිතයෙන් වන්දි ගෙවපු අවස්ථාද වාර්තා වී තිබෙනවා. හොඳට මාර්කටින් කිරීමට හැකියාවක් තිබෙන මේ තරුණ පරපුර ජිවිතේට මුණ නොගැහුණු පුද්ගලයෙකුගේ බිස්නස් එක මාර්කට් කරන්නේ තමන්ගේ ගජ මිතුරන්ද ණය කාරයන් කරමින්.

අද අපිට හම්බවුනා එහෙම එන යාළුවන්ට සලකන්න ඕනේ කොහොමද කියලා කියවෙන නියම වීඩියෝවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.